වර්තමානයේ මිනිසුන් ලෝකය දකින හා සිතන අන්දම දකින විට මහත් කලකිරීම්ක් දෙනේනේ මගේ සිතට පමණක් නොවන බව හොද ආකාරව මිනිසුන් විකුර්ති වූ මානසික මට්ටම් සහිතව සමාජයේ නොයකුත් වූ ක්‍රියා කාරකම් වල දී සිටි. ඇත්ත ජීවන තත්වය පිළිබද ඔවුන් තබේකට මායිම් නොකරන්නේ මන්ද යන්න මහත් පුදුමයකි. මම දකින විදිහට එය සාමාන්‍ය ජනතවගේ වරදක්ම නොවන බව පසක් වන්නේය
එයේ දිනයේ මම ඇසුවේ මහත් ශෝකානු කූල කතාවකි. අක පුද්ගලයෙකු විසින් තමන්ගේ බිරිද පොල්ලකින් මර දැමීමේ කතා පුවතකි. මම අවමංගල්‍ය නිවසෙහි සිටින විට බොහෝ දෙන එක එක හේතු කියමින් මියගිය කාන්තාවටත් මරණය සිදු කල ඇයගේ ස්වාමි පුරුෂයාටත් බණිමින් සිටියේය. කිසිවෙකුත් ප්‍රශ්නයට හේතු වූ සුල මුල සෙවීම සදහා උත්සුක වුයේ නැත.
මිනිස් චින්තනය තව කෙකු මරණයට පත් කිරීම සදහා දක්වා වූ ස්ථානය කර රැගෙන යාම සදහා මහත් වූ කරුණු ගොන්නක් හේතු සාදක විය යුතුය. ශ්‍රී ලාංකීය සමාජය දැන් විපරිත ගොස් හමාරය. ආදරය කරුණාව දයාව වෙනුවට එක එකා හබ යමින් අනුකරණය කරමින් වෛරය ඊරිසිය ව පෙරදැරි කර ගනිමින් මිනිසුන් වැඩ කරන්නේය. ඒ සදහා මා විසින් කෙලින්ම ඇගිල්ල දික් කරනුයේ හුදෙක් රටක පාලනයට වේ. මන්ද රටක පාලන තන්ත්‍රය මගින් රටෙහි දියුණුව උදෙසා අධි වේගී මාර්ග , නොයෙකුත් අහස උසට නිමවන ගොඩනැගිලි පමණක්ම රටක් දියුණු කිරීම සදහා වැදගත් වන්නේ නැත.
සමාජයේ කුඩාම ඒකකය වන පවුල් සංස්ථාව දියුණු කිරීම පාලකයාගේ රටක දේශපාලනයේ වගකීම වන්නේය. එසේ නොමත්ව සුර කම පමණක්ම ඉලක්ක කරගත් දේශපාලනයක් තුල සමාජයේ දුෂණ වංචා හටගන්නේ බිම්මල් පිපෙන ආකාරයෙනි . මහේ ආකල්පය තුල දේශපාලකයා මුලිකව කල යුත්තේ පුවුල් ඒකකය සවිමත් කිරීමයි.
රජයකට මිනිසාගේ මුලික අයිතිවාසිකම හෝ සපුරාගැනීම සදහා දායකත්වයක් ලබාදීමේ හැකියාවක් නොමැති නම් ඒ සදහා අවශ්‍ය වැඩපිලිවෙල නිර්මාණය කිරීම සදහා සමාජය තුලින්ම පුද්ගලයෙකු නැගි සිටිය යුතු කාලය දැන් අවශ්‍ය වී ඇත.
No comments:
Post a Comment