ජීවිතය ජය ගැනීම අපි හැමෝගෙම අවශ්‍යතාවය වන නමුත් ජීවිතය ජය ගැනීමට ප්‍රථම ජීවිතය යන්න හරි ආකාරයෙන් තේරුම් නොගිනිම ජීවිතය ජය ගැනීම සදහා විශාල භාදාවක් ලෙස දකිමි. මිත්‍යා විශ්වාස සුරඟන ලෝක වල ජිවත් වන මිනිසුන්ට ජීවිතය ජය ගැනීමට ඉතා අපහසුය. ඔවුන් සමග හැම විටම ඇත්තේ ප්‍රස්නම පමණි. එසේම අවසානය තුල කලකිරීම පමණක් ඉතිරි වන්නේය.
මිනිස් සමාජය විවරණය විචාරණය ඉතාම බැරෑරුම් කටයුත්තකි. යම් පුද්ගලයෙක් තමාගේ ජිඑවිතය තුල අද්යාත්මික වශයෙන් යම්තාක් දුරට හෝ දියුණුවක් ලබා ගැනීමට හැකි වන්නේ නම් ඔහු තම ජීවිතය තුල සාර්ථකත්වය යන්න මදක් හෝ අත්දැකපු පුද්ගලයෙක් සේ මම දකිමි. අනිකුත් සියලුම දෙන සමාජය ඉදිරියේ රගපාන පිරිසක් පමණක් වන්නේය.
අහස උසට මාලිගා තනන්නට අපි හැමෝටම කල නොහැකි බව තේරුම් ගැනීමේ ශක්තිය අපිට තිබිය යුතුය. සැප වාහන අපි හැමටම ගැනීමට නොහැකි බවද අපි අපේ මට්ටම් අනුව දැන ගත යුතු වන්නේය. නමුත් අපගේ උත්සාහය උනන්දුව තුල කෙසේ හෝ බලාපොරොත්තු සපුරා ගැනීමේ හැකියාව ඇති බවත් කිව යුතුමය. නමුත් මේ සදහා ලග වීමේදී එක එක පුද්ගලය ඒ සදහා කරනු ලබන ක්‍රියාමාර්ග වෙනස් වන්නේය. සමහරෙක් සමාජයට යහපතක් කරමින් තමාගේ අරමුණ කර යාම සදහා යාමට උත්සහ කරත් බොහෝ පිරිසක් සමාජය, පරිසරය, ලෝකය විනාස කරමින් තමාගේ දියුණුව කර යාමට කටයුතු කරන්නේය.
ගැබුරින් බැලීමේදී අ තුලත් සදරනිකරණයක් ඇති බවද දක්නට ඇත. මන්ද නිවැරදි මිනිසාට සමාජය තුල පැවතීම අපහසු කරුනකව ඇති අතර බොහෝ දෙන විවේචනය කරන්නේද නිවැරදි පුද්ගලයාම වීමය. නමුත් මැරයා පොරක් කරපු සමාජ තුල සියලු දෙන අසදරණය ඉදිරියට ඒමට උත්සහ කිරීම හෙළ දැකීමට කරුනක්ද නොවන බව මගේ හැගීමය.
දරුවන්ට පවා අසිමංතිකව ලෙස හොද දෙය නොව කෙසේ රෝ අනෙක පැරදවීම සදහා කටයුතු කිරීමට පුහුණු කරවීම අද ලන්කව තුල නිතර දකින්නට ඇත. ආකල්ප වෙනස් කිරීමට ඉතා තදින් අවශ්‍ය වන යුගයක් ඇතත් ඒ සදහා චරිත නොමැති වීම මහත් කනස්සලට කරුණකි. වර්තමානයේ දරුවන්ට මොවුන් කරන්න යන්න පැවසීම සදහා හෝ චරිත කතාවක් නැතිව ගොස් ඇත.
No comments:
Post a Comment