අපි දන්නා ප්‍රයෝජනයට නොගන්න සම්පත්

මිනිසා නිරන්තරයෙන් පසු තැවෙමින් කාලය ගතකරමින් සිටින්නේ තම අවට තිබෙන සම්පත් නිසි ආකාරව යොදා නොගන්න හේතුවෙනි. ජීවිතය මුදල් අග හිග කමින් පහර කමින් දුක් උරුම කරගත් මිනිසුන් ලෙසින් තැවෙමින් වාසය කරයි. තමා අවට ඇති සම්පත් නිසි ආකාරව ක්‍රමවත්ව යොදා ගන්න මිනිසුන් අද දැකීමට නැති තරමය. අහස උසට සිහින මවමින් නිකන්ම කට උඩට අල්ලන් අනෙකා  මතින් දියුණුවීමට  උත්සහ දරණ  සමාජයක් ගොඩ නැගී ඇත්තේ ඉබේටමය.

මිනිසාගේ මනසෙහි පලපදියන් වී ඇති කම්මැලි කම සහ ආත්මාර්ථකාමීත්වය වෙනස් කිරීම සදහා කුමක් කලයුතුද යන්න මා තුලද හරි ආකාරයේ අදහසක් නැතත් දැනුවත් කිරීම තුලින් යම්තාක් පිරිසක් හෝ තමන්ගේ ආකල්පයන් වෙනස් කරමින් ජීවිතයේ දියුණුව කර යන්නේ නම් එයද මාහට විශාල සතුටක් වන්නේය. මුල්බැස ගත සමහර අදහස් සමග සමහර මිනිසුන් ශෝකය නිදානය කරගනිමින් ජීවත් වන්නේය.

අපේ ලෝකය තුල අපිරිමිත සම්පත් අප අවට ඇත.  ඒ අපිරිමිත සම්පත් අපගේ ශරීරයේ ස්පර්ශ වුවද අපි එය මායිම් නොකර අපහසු දේ සොයා යාමට පුරුදුව ඇත. අවිට මෙවැනි කොරෝන වැනි විපත් හමුවේ අපට සිදුවන්නේ හද වැළපීම පමණක්මය.

අපිටත් හොද ගෙයක් ඇත්නම් අපිටත්  වහනයක් ඇත්නම් යන්න කෙතරම් සිතෙන වාර ඇත්ද .... අපි විතරක් දියුණු වෙන්නේ නෙත්තෙ ඇයි යන්න දුප්පත් හැමදෙනාගේම සමාන ප්‍රශ්න  වන්නේය. දුප්පත් සැමගේම ප්‍රශ්නය අක නම් ඔවුන් දියුණු නොවීමට ප්‍රදානම හේතුවද සමාන විය යුතුය  යන්න මගේ හැගීමයි.

ජීවිතය ජයගැනීමට ඉලක්කය හා උත්සාහය පමණක්ම ප්‍රමාණවත් නොවේ. අප හට යමතාක්  ඒ  පිළිබද දැනුම හා අවබෝදය දියුණු කර ගත යුතුවේ. අද සමාජයේ විශාල ලෙස මහන්සි වී වැඩ කරන කොපමණ ය ඇත්ද. එහෙත් දියුණු වී ඇත්තේ ඉතා සුළු පිරිසකි. බොහෝ දෙනෙක් තම කරන කාර්යන් නිවරදි ලෙස කිරීමට නොදන්නා නිසාත් කාලයට උචිත් ලෙස කර්මාන්ත කිරීමට නොදන්නා නිසාත් බොහෝ දෙන හැමදාමත් හිටපු තත්වයේම සිටිති.


No comments:

Post a Comment