අපි දන්නා ප්‍රයෝජනයට නොගන්න සම්පත් 2

ආහාර නොගෙන දින ගණනක් සිටිය හැකි උවත් ජලය නොමැතිව මිනිසාට හෝ ඕනෑම සතකුට සිටිය හැක්කේ ඉතා සීමිත කාලයකි.  එනම් අපි විශේෂයෙන්ම සැලකිය යුතු ඊලග සම්පත වන්නේ ජලයයි.  මිනිසා නොපෙනෙන නිදන් වස්තු වැනි දේ සදහා බිලි පූජා දෙමින් මහත් උනන්දුවෙන් ආරක්ෂා කිරීමට රැක ගැනීමට වෑයම්  කරන අතර අවසානයේ තම මුදලුත් කාලයත් වියදම් කරමින් හිරේ විලංගුවේ වැටෙන ආකාරයට තම වටිනා ජීවිතය විනාශ කරගන්නේ ඕනෑකමින්මය . නමුත් අපි මේ පෙනෙන සම්පත් නිසිඅකරව කලමන කරය කරන්නේ නම් අපේ සශ්‍රිකත්වය කිසිම කෙනෙකුට නැවැත්වීමේ හැකියාවක් නැති බවට මම තහවුරු කරමි.

කුඩා උල්පත් මගී සැදෙන  ජල ප්‍රබවයන් ගංගා ඇල  දොළ අපි විසින් නිසි කළමනාකරණය කල යුතු කාලය රට තුල මහත් අවශ්‍ය තාවයක් ලේඅස දැක ඇත. පාරවල් සෝදයමින් නිරන්තරයෙන් ගං වතුර වුවදුරු වලට පත්වෙමින් අහසින් වටෙන් රත්තරන් දිය කදන්  ඔහේ මුහුදට ගල යන්නේ දේශයේ සාරයද උර ගනය. අපේ පැරණි රජ වරු ඊට කදිම පියවර ලෙස ජලාශ ව්‍යපෘති ඇති කලද වර්තමානය වන විට පොලව නමැති සම්පත් නිසි කළමනාකරණය නොකිරීම හේතුවෙන් බොහෝ ජලාශ ව්‍යාපෘතීන් අඩපනව ගොස් ඇත. බොහෝ ජනය නියගයෙන් පීඩා විදින අතර  වැව ප්‍රතිසංස්කරණය හුදෙක් මාෆියාවක් පමණක් වී ඇත

පස් .  පොලව පිළිබද පසුගිය පිටුවෙන් කතා කළ  දෙයට තව දෙයක් අකතු කිරීමට කැමැත්තෙමි. මන්ද බොහෝ රජයන් විසින් පස් කැපීම වැලි කැපීම නවතා  නොයකුත් වරණ නිකුත් කලත් පාලකයාට මෙම පස කුමන කාර්යක් සදහා මෙපමණ අවශ්‍ය වන්නේද යන්න ඔවුන් තුල සුල මුල සෙවීමේ අවශ්‍ය තාවයක් හෝ දැනුමක් ඔවුන් තුල නොපවතී. මැති ඇමති වරුන්ගේ ගෙවල් අවට ඇති තප්පයන් හිර ගෙවල් වල පවතින් තාප්පයනටත් වැඩ ඉහල ඒවා වේ. එසේම අපි දකින පන්සල් පල්ලි හා නොයකුත් සිද්දස්තනයන් නොයෝකුත් කැටයම් කර විශාල බැමි බද ඇත්තේ අහස උසටය. ඉතින් අපේ පරිසරයේ තිබෙන වැලි හා පස් අනවශ්‍ය ආකාරයට අනවශ්‍ය අවශ්‍යතා සදහා යොදා ගැනීම පිළිබද කිසිවෙකු නොතකයි. නමුත් ඔවුන් වැලි කැපීම හා පස් කැපීම නැවතීම සදහා පමණක් ප්‍රච්චප්ති සැදීම සිදුකරයි. පාලකයාගේ නොදැනුවත් බවය ලෝකයේ ඉදිරි පරම්පරත් ජිවත් වන මිනිසිනුත් දුක් විදීම සදහා එකම හේතුව වන්නේය  .

ජලය නිවරදි කළමනාකරණය කිරීම ගෙදරි ගෙදර පවුලින් පවුල ලෙස කුඩාම ඒකකයේ පටන් සිදු කල යුත්තකි. ජාල කළමනාකරණය තුල ජලය අපවිත්‍ර වීම වැළක්වීමේ වගකීමද අප විසින් අකුරටම කල යුත්තකි.  ලෝකයේ පිරිසිදුම ජලය ඇති රටවල් බොහොමයක් ඇත. එනම් පිරිපහදු කිරීමකින් තොරව නල ජලය ඕනෑම තැනකින් භාවිතයට ගත හැකිය. ස්විස්ටේර්ලන්තය , ඩෙන්මාර්කය හා ග්‍රීන් ලන්තය එවැනි රටවල් සදහා උදාහරණ වේ. අතීත ශ්‍රී ලංකාව තුලද උල්පත් ජලයෙන් පිරිපුන්ව ඕනෑම තැනකින් ජලය පානය කල හැකි ලෙස තිබී අතර වර්තමාන කෘමිනාශක භාවිතය ජලයෙහි ගුණාත්මක භාවය නැතිවීමට මෙන්ම වකුගඩු රෝග ඇතිවීමට හේතුවී තිබේ.

අපේ සම්පත් අපි හරි ආකාරයෙන් සුරකින්නේ නම් මේ පුංචි රට සුරපුරයක් කිරීම අපහසුවන්නේ නැත. නමුත් මේ සදහා මහජනයා මෙන්ම පාලකයාද එක  ලෙස කැපවිය යුතුය. රටට හදවතින්ම ආදරය කල යුතුය.



No comments:

Post a Comment