4. කුකුලා
එදා අපේ පැරණි සමාජය තුල ඔරලෝසු වල සීනුව දක්නට ලැබුනේ නැත. උදැසන 5 න් ඇරබුනු ස්වභාවික සීනුව නැවත හමාර වන්නේ රාත්‍රී 10 ටය. වෙලාවට වැඩ කිරීම එදා සමාජය තුල පන ගැන්වුයේ මෙම සත්වයාත් සමගය. එසේම එදා සමාජය තුල පවතී අහිතකර කුඩා කෘමි සතුන් ආහාරයට ගනිමින් නැවතත් ගෙදරක ආරක්ෂකයෙක් සේම කසල ශෝදක්යෙක් ලෙසද කුකුලා පැරණි නිවෙස් තුළ තම සේවය ඉපැරණි ශ්‍රී ලන්කිකයට ලබා දී ඇත. එසේම බිත්තර ද පෝෂණය සදහා අද වන විට වෛද්‍ය වරුන් විසින් නිර්දේශ කරන ලද ආහාරයක් ලෙස දැක්විය හැකිය. නමුත් එදා පැරණි සමාජය තුල එම සම්පත නිරතුගෙදර තුලම පැවතීම හේතුවෙන් අලුතින් සෙවීමට හෝ විශේෂයෙන් ලබා ගැනීමට අවශ්‍ය වී නැත. නමුත් අද ඇමරිකාවෙන් ගෙනෙන ලද විවිදකරණයට ලක් උ අහර ලබා දෙන කුකුල් බිත්තර හා කුකුල් මස් මගින් සමාජය විකුර්ති කරන්නේ එලිපිටය.
ඇත්තෙන්ම මේ දේවල් සමාජය නොදන්නා දේවල් නොවන අතර මිනිසුන් දැන දැනා මේ දේවල් වලටම තව දුරටත් යොමු වන්නේ සමාජ ක්‍රමය වෙනස් වීම තුල හා බොහෝ දෙන කම්මැලි වී නිකන් සිටීමට පුරුදු වී ඇති හෙයිනි. අපිට ළමා මනසට හෝ මේ දේවල් ලබාදී අනාගතය හෝ වෙනස් කිරීමට හැකියාව ඇත්නම් අපිට තව තවත් වන විනාශය නැවැත්වීමේ හැකියාව අපට ඇත.
5. පිරිමි දරුවා
පිරිමි දරුවෙක් යනු ගෙදරකට සම්පතකි. නමුත් එම දරුවාගේ ආකල්ප පෞර්ෂය නිසි ආකාරයෙන් සංවර්ධනය වී තිබීම අත්‍යවශ්‍ය කරුණකි. පරණ පුල් සංස්ථාව තුල ගෙදරක සියලු වැඩ කටයුතු නිසි ආකාරයෙන් ක්‍රමවත් ලෙස සම්පාදනය කිරීම සදහා නිවසෙහි පිරිමි දරුවා උපයෝගිත කරුණක් ලෙස හදුන්ව ඇත. පිය විසින් සිදු කරනු ලබන ගොවිතැන් කටයුතු සේම එම කටයුතු ඉදිරියට පවත්වගනයම හා වැඩි දියුණු කිරීම රද පවතින්නේ පිරිමි දරුවා මතය. එසේම මවගේ හා තම සොහොයුරියන්ගේ ආරක්ෂකයා වන්නේද මේ පිරිමි දරුවමය.
මෙවැනි පිරිමි දරුවෙකු සිටින ගෘහය සශ්‍රික වන්නේය. වර්තමානයේ පිරිමියා ගේ තුල දක්නට ලැබෙන්නේ නේ නැත. ස්වාමි පුරුෂය මෙන්ම දැරුවද නගරයෙන් පිට ගොස් මුදල් සෙවීමේ කාර්යෙහි නිරත වීම සිදුකරන අතර අද ගෙදර ආරක්ෂාවට හා සෞබග්‍ය සදහා තිබිය යුතු අංග ගෙදරින් පිට ගොස්ය. එවන් සමාජයක් විපරිත වීම පුදුමයක් නොවන්නේය. සුද්ද අප හට කියාදුන් ආර්ථික රටාව තුල අපගේ පවුල් සැකැස්ම විනාස වුව සේම ආර්ථිකය ගුණ ධර්මද විනාශ වී ගොස් ඇත.
No comments:
Post a Comment